ඉස්කෝලේ යන දවස්වල ඉදන් මගේ විනෝදාංශ අතර පත්තර කියවීම අංක එකටම වගේ තිබ්බා. මුලින්ම පත්තරේකට කියලා කියවන්න ලැබුනේ අපේ අම්මා හැම සතියකම වැඩ ඇරිලා එනකොට අරගෙන එන චූටි තරු පත්තරේ. ඊට පස්සේ කැකුළු පත්තරේ. ඊටත් පස්සේ බිංදු, හපනා, විජය වගේ පත්තර කිහිපයක් කියවන්ඩ ලැබුනා.
පස්සේ පස්සේ ලංකාදීප, දිවයින වගේ පත්තරත් කියෙව්වා. ඒත් දැන් නම් ඔය එක පත්තරයක්වත් කියවෙන්නේ නැති තරම්. පත්තර පිටුවක් කියවන්න ලැබුනොත් ඒක අනිවාර්යෙන්ම අම්මා බත් එක ඔතලා දීපු පත්තර පිටුව !
ඒ උනත් ඒ පිටුව කියලා බලන්නේ නෑ. ඒකත් කියවලා දානවා.
ඔන්න ඔය පත්තර පිටුවක ලිපියක් තිබ්බා. ඒක ඔය ධනාත්මක චින්තනය වගේ මාතෘකාවක් යටතේ ලියපු ලිපියක්. මම ආස නැති මාතෘකාවක් තමා ධනාත්මක චින්තනය කියන්නේ. ඒ උනත් කන ගමන් යන්තන් උඩින් පල්ලෙන් කියෙව්වා.
ඒ ලිපියේ එක තැනක තිබ්බා මෙහෙම දෙයක්.
ගොඩක් වෙලාවට අපි ලස්සනට ඇඳ පැලදගෙන ගමනක් බිමනක් යනකොට හරි එහෙම නැත්නම් පාර්ටියකට යනකොට අපේ යාළුවෙක්ව මඟදි හම්බ උනා කියමු. එතකොට ඒ යාළුවා,
"මචං ලස්සන ෂර්ට් එකක් නේ. ! මේ ෂර්ට් එක උබට මාර මැචින් !" වගේ දෙයක් කිව්වා කියමු.
එතකොට කවදාවත් "මේක මගේ නෙමේ බං යාළුවෙක් ගෙන් ඉල්ල ගත්තේ ..." වගේ දේවල් කියන්ඩ එපා ලු. තමන් ඇඳන් ඉන්න කමිසය අනුන්ගේ උනාට එහෙම කිව්වම කවදා හරි ඔයිට වඩා ලස්සන, තමන්ගේ සල්ලි වලින් ගත්ත ඇඳුමක් ඇදගෙන යනවා ඒ යාළුවා දැක්කම හිතන්නේ ඒකත් කාගෙන් හරි ඉල්ල ගත්ත ඇඳුමක් කියලා ලූ.
ඒ නිසා යාළුවා අරම දෙයක් කිව්වම "ස්තුතියි" කියලා විතරක් කියන්ඩ ලූ.
26 July 2012
පත්තර කියවීම
Subscribe to:
Post Comments (Atom)
42 දෙනෙක් අදහස් පලකලා .:
ඒ කතාව නම් ඇත්ත...මම හිතන්නෙ මේ කියන්නෙ ආත්ම විශ්වාසය ගැන වෙන්න ඕන..
නිහතමානී වීමයි ආත්ම විශ්වාසය අතරයි වෙනස අපි අඳුන ගන්න ඕන මම හිතන්නෙ..
ස්තුතියි මධුරංග කතාව බෙදාගත්තට..බලන්න පත්තර පිටුවකින් වුනත් ඉගෙන ගන්න තියන දේවල්..
ඩේල් කානගිගේ පොත කියවලා තියෙනවාද ??
//පත්තර පිටුවක් කියවන්න ලැබුනොත් ඒක අනිවාර්යෙන්ම අම්මා බත් එක ඔතලා දීපු පත්තර පිටුව !/// සම්පූර්ණ ඇත්ත...
හුරේ මෙයාට ෆලෝවර්ස්ලා 400ක් වෙලා.:)
//තමන්ගේ සල්ලි වලින් ගත්ත ඇඳුමක් ඇදගෙන යනවා ඒ යාළුවා දැක්කම හිතන්නේ ඒකත් කාගෙන් හරි ඉල්ල ගත්ත ඇඳුමක් කියලා ලූ.//
ඒකත් ඇත්ත තමා..!
මම් ඉස්සර වෙලාම කියෙව්වෙ පුංචි කියල පත්තරයක්.පස්සෙ විජය.මම් නම් පත්තර පොත් කියවන්න ගොඩක් කැමති වෙලාව තමයි හොයාගන්න අමාරු.අය්යෝ ඔයා දවල් බත් එක කෑම පෙට්ටියට දාල සර්වියට් එකකින් කවර් කරන් අරන් යන්නකො,නිකන් පත්තර කොළවල ඔතන් යන්නෙ ලැජ්ජ නැද්ද :)
අප්පට සිරි ඒකත් එහෙමද :) හා හා එහෙම කරන්නම්කො
වෙලාවට ජොකා පේන්නෙ නැත්තේ... යාළුවන්ගෙන් ඉල්ලගෙන අදිනව නොවැ.. හිකිස් !
ධනාත්මක චින්තනය ගැනනං කියන්ඩ එපා.ඔය කවුද හෙන පොරක් කිව්වය කියන්නේ බඩ ගින්න දැනෙන කොට 'මට බඩගිනි නෑ මට බඩගිනි නෑ' කියලා හිතන්ඩ එතකොට හරිය කියලා......අනේ අපොයි.
මේ දැන් පිණිබිඳු ගේ මේ පෝස්ට් එක (http://lakmisher.blogspot.com/2012/07/blog-post_25.html) කියවලා කමෙන්ට් කරලා ආවා විතරයි.
හි හි...හා හා යාළු :)
බලාගෙන යද්දි ඒ කතාවත් ඇත්ත තමයි..
යාළුවෙක්ගෙ එකක් නෙමෙ නම් මොකටද එහෙම කියන්නෙ..
යාලුවාම හම්බ වෙලා ඔහොම කීවොත් තමා වැඩේ නේද? :)
වෙලාවට මම නම් යාලුවන්ගෙන් ඉල්ලගෙන අදින්නෙ නෑ.ඉල්ලගත්තොත් ඉතිං නංගිගෙන් තමා.
ධනාත්මක චින්තනය මටත් එච්චර අල්ලන්නේ නැති මාතෘකාවක් තමා ....
නෑ...ඒකත් එහෙමද....
මං කැම්පස් කාලෙ වත් අනුන්ගෙ ඒව ඇන්දෙ සීමිත වෙලාවකට විතරයි...
තමුන් අනුන්ගෙ ඒව අඳිනව කියන්නෙ ම ආත්ම විශ්වාසය සම්බන්ධ ගැටලුවක්...තමුන්ට තියෙන එක ගැන තමුන් ආඩම්බර වෙලා ඒක ඇඳන් යන්න ඕනි....
ඇත්ත වෙන්න පුළුවන්.
කොමෙන්ටු වලට වෙනම රිප්ලයි කරන්න, ගැජට්ටුව හැදුවනං හොඳනැද්ද?
වටිනා අදහසක් ...
ඒකනම් ඇත්ත කතාව
පොඩි කතාව වුනත් හිතට වැදුනා
92 කාලෙ වගේ මම කියවපු පත්තරේ හපනා... අද ඒක නැද්ද මන්දා.. ඒකෙ තිබ්බ බිග්ෆුට් කාටූන් එකේ ඊලග කොටස බලන්න සතිය ගෙවිලා අලුත් සතියක් එනකම් ඇගිලි ගැන ගැන හිටපු මම අන්තිමට ලංකාවෙ ප්‍රමුඛම පත්තර සමාගමේ රැකියාවට එකතු වෙලා...
http://siragekamare.blogspot.com
කාමරයට එන්න පාර පේන්නෙ නෑ කිව්ව නිසා ඔන්න මග දැක්වුවා...
මමත් ඔහොම්මම තමයි..ඉස්සර පත්තරේ බැලුවා දැන් බලන්නේ අම්ම ඔතල දෙන බත්කොලේ.....හික්ස්...
කොහොම නමුත් ඉගන ගත්තු දෙයින් අනිත් අයට බෙදල දුන්නනේ ප්‍රයෝජනවත් දෙයක්...
හ්ම් ඒකත් නියම කතාව..ඇත්තටම පත්තරේ නම් අහම්බෙන්වත් බැලෙන්නේ නෑනේ අයියේ ඔයා කිව්වා වගේම....
ඇත්තට අෆොයි !! ජය!!
හොද අදහස...
හ්ම්ම්හ්. අනුන්ගෙ ඇඳුමක් ඉල්ලගෙන ගිය නස් රුදින් කතාවත් මතක් වුනා. මධුරංග මොකද මේ කමෙන්ට් වලට යටි රිප්ලයි බට්න් එකක් නැත්තෙ?
henryblogwalker the Dude
කතාව ඇත්ත මධුරංග අයියේ. ඍනාත්මකව හිතන්න හිතන්න හැමදාම අපි බිමටම වැටෙන එක විතරයි වෙන්නේ.
මම ආස නැති මාතෘකාවක් තමා ධනාත්මක චින්තනය කියන්නේ.
කෑල්ලක අඩුයි කලින් කොමෙන්ට් එකේ...
// මම ආස නැති මාතෘකාවක් තමා ධනාත්මක චින්තනය කියන්නේ.//
මොකද මල්ලි එහෙම හිත්න්නෙ..?
@රූ.... :
අනිවාර්යෙන්ම අක්කේ.. මැරෙනකන්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා. අනිත් එක ඉගෙන ගන්න දෙයක් අහක යනවා කියලා යෑ.. නේද අක්කේ :)
@Hasitha :
කියවලා නෑ.. මොකද්ද පොතේ නම ?
@prasanna86k :
ඒ කියන්නේ අයියත් පත්තර කියවන් නෑ කියලද...
@නදී :
ඒක තමා. මටත් මාර හැපි !!! :)
මාත් ඔයත්තෙක්ක එකතු වෙල හුරේ කියනවා.
@චතුරංග කසුන් :
හ්ම්.. ඒක නම් එහෙම තමා. :)
@කපීකේකි :
අපොයි බස් එකේ යනකොට බත් එක ඇනෙනවා නේ. එතකොට නරක් උනොත් කියලා තමා පාර්සලයක් අරගෙන යන්නේ.. මම දවසක් දෙකක් අරගෙන ගිහින් ට්‍රයි කරලා බලන්නම්.
@සයුරි :
හ්ම්.. හ්ම්ම්.. එහෙම කරන්න.
ධනාත්මක චින්තනේ කියපු දෙයක් නේ !
@sAm (සෑම්) :
අපෙත් හිටියා ජොකා උනත් අනුන්ගේ ඒවා අඳින කොල්ලෙක්. වෙලාවකට ඒ කතාව ලියන්නම් :)
@දිනුක :
අපෝ ඒවා නම් හරි යන වැඩ නෙමෙයි. බොරු මනස්ගාත !!! මම නම් ඕවා අහන්නේ නෑ.
@ක්සැන්ඩර් | Xander :
මාත් කියෙව්වා ඔය පෝස්ට් එක !
ඒකත් මරු පෝස්ට් එක...
@හිරුහිමාවී :
හික්ස් :)
යාළු මාළු !!
@Dinesh :
ඔන්න එහෙනම් මතක තියා ගන්න ඕන හරි ද... :)
@හරී :
එහෙම නම් කියන්න ඕන නෑ.. මේක අදාල වෙන්නේ එහෙම යන අයට විතරයි.
@Podi Kumarihami :
එතකොට ඉතින් ෂේප් මෙතඩ් එක පාවිච්චි කරන්ඩ !
@නිසුපා :
හික්ස් :)
අක්කයි නංගියි නේ.. අම්මා මොකෝ නංගි මොකෝ !!!
@රොබින් :
එහෙනම් අපි දෙන්නම එකම බෝට්ටුවේ !
@තරුවා :
එහෙමයි නේන්නම් :)
@amila chathuranga :
මාත් එහෙම තමා. තියෙනවනම් ඒක ඇඳගෙන යනවා මිසක්කා ආයේ කාගෙන්වත් ඉල්ලන් යන්නේ නෑ.. :)
@මඩිස්සලේ නිශාන් :
ඇත්ත නේන්නම් :)
@රාජ් :
මම ඒ දවස්වල ටෙම්ප්ලේට් එක එඩිට් කරපු එකෙන් ඔය රිප්ලයි කෑල්ල ගිහින්.
උතසහ කරලා බලන්නම් ඒක ආයෙම ගන්ඩ !
@චමී4යූ~chami4u :
අනිවාර්යෙන්ම හිතට ගන්ඩ ඕන.. හරිද සුදු පුතේ.. :)
@සිරාගේ කාමරේ :
පාර කියපු එකට බොහොම ස්තුතියි. මාත් ඒ පැත්තේ ගිහින් ආවා. දිගටම එන්නම් :)
@Anonymous :
කියවලා පොඩි හරි කමෙන්ට් එකක් දාපු එකත් වටිනවා :)
@සිත්තමී :
අනිවාර්යෙන්ම... දන්න දෙයක් තියෙනවා නම් නොකිය ඉන්නේ නෑ.. :)
@සිතුවිලි දැහැන :
දැන් ඉතින් පත්තර වලත් කියවන්න ඒ හැටි යමක් නෑ නෙව.
තියෙන්නේ ඕප දූප විතර නේ :)
@චූටි පුතා :
මොකෝ උනේ... :)
@ඉන්ද්‍රජිත් :
ස්තුතියි.... :)
@matahithenahatty :
ඔය ඉතින් මම් ටෙම්ප්ලේට් එක එඩිට් කරපු විදිහ නේ. ඒ නිසා රිප්ලයි බටන් එක නෑ... ඉට් ඩිසැපියර්ඩ් !!! :)
@පැතුම් [සිතුම් පැතුම්] :
සෘණාත්මකව නම් හිතන්න ඕන නෑ.. ඒත් ඕනවට වඩාත් ධනාත්මක වෙන්න හොද නෑ..
@සපතේරු උන්නැහේ :
ඒකට නම් කියන්ඩ ඒ හැටි හේතුවකුත් නෑ.. ඒත් ඔය හැමදේම මෙහෙම වෙන්ඩ මෙහෙම හිතුවොත් මෙහෙම වෙයි කිය කියා ඉන්ඩ මම ආස නෑ අප්පා.
අයියා කැමතිද ධනාත්මක චින්තනයට ??
ආපු මුල්ම දවසෙ ලිපි කිහිපයක්ම බැලූවා. මේ ලිපියත් ගොඩක් හිතට ඇල්ලූවා. මමත් පත්තර කෑල්ලත් කියවන කෙනෙක් තමයි. ධනාත්මක චින්තනය හොඳ දෙයක්. ඒත් ඒක අලෙවි කරන විදියෙ තමයි අවුල තියෙන්නේ. මට හිතෙන විදියට. ධනාත්මක චින්තනය ෂල්ලිකාරයො මවන උල්පතක් වගේනෙ මවල පෙන්නන්නේ. මේ අදහසත් නම් වටින අදහසක්.
කමෙන්ට් එකක් දාලම යමුද ??
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.